
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විජලන තත්ත්වයක සිටින්නේ යැයි ද හරි ප්‍රතිකාර නොකෙරුණොත් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව ඇතැයිද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව පැවසූයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මේ වන විට ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා අධිකරණයට ඉදිරිපත් කරන්නට නොහැකිදැයි මෙහිදී මාධ්‍යයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් රුක්ෂාන් බෙල්ලන මහතා පැවසූයේ" උසාවිය එන්න බෑ නේ ඉතින් මේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න මනුස්සයෙක්" යනුවෙනි.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විස්තර කරමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද කීය.
මම හිටපු ජනාධිපති බලලා ආවේ. ඔහුට විජලන තත්වයක් විය යුතුයි.ශරීරයේ ලේ වල සහ වෙනස් සලකුණු වල යම් යම් වෙනස් වීම් දකින්න පුළුවන්.
දවස් තුනක් වන තුරු එතුමා දැඩි විවේක කාලයක තැබිය යුතුව තිබෙනවා.විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕන. එය කළේ නැතිනම් හෘදයාබාධ වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව තියෙනවා.
ඒ නිසා දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක්ම ඔහු මේ වෙලාවේ බලා ගන්නවා.දවස් දෙක තුනක් යද්දී ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරෙන්න පුළුවන් කියා අප කල්පනා කරනවා.බැරි වෙලාවත් හරියට ප්‍රතිකාර නොකෙරුනොත් සංකූලතා වර්ධනය වීමට හැකියාව තියෙනවා.දැඩි සත්කාර ඒකකයේ ඔහු රඳවා තිබෙන්නේ ඒ නිසයි.
ප්‍රශ්නය:- ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැද්ද?
පිළිතුර:- උසාවිය එන්න බෑ නේ ඉතින් මේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න මනුස්සයෙක්.
ප්‍රශ්නය:-ඒ කියන්නේ ඔහුට ඒ තරම් අමාරුද?
පිළිතුර:-
ඔහු ඉන්නේ විජලන තත්ත්වයක.එදා ඔහු උසාවියේ පැය දහයක් විතර රැඳී සිටියා.කරන්ට් එකක් නැති වෙච්ච නිසා අධික රස්නයක් තියෙන්නත් ඇති.ඒක නිසා ඔහුට වතුර ටිකක් වත් බොන්න නැති වෙන්න ඇති.කෑම ටිකක්වත් කන්න නැතුව ඇති.විජලනය නිසා ශරීරයේ ඇතිවෙන්න පුළුවන් සංකූලතා තිබෙනවා.එවැනි තත්ත්වයක් උදාවී ඇති.
දැන් ඔහුට දැඩි සත්කාර ඒකකයේ දැඩි නිරීක්ෂණයක් කෙරෙනවා.හරියට බලා ගත්තොත් තව දවස් තුනකින් විතර යථා තත්ත්වයට පත්වේවි.දැඩි සත්කාර ඒකකයේ පිහිට නැති වුනොත් ඔහුට විජලනය කියන තත්ත්වයෙන් හෘදයට සහ මොළයට බලපාන සංකූලතා ඇතිවිය හැකියි.
ඉදිරි පැය 24 ත් අප දැඩි නිරීක්ෂණයක් කරනවා යැයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් කීය.

