රනිල්ට සෙත් පතා ’’ගමේ පන්සලේ’’ බෝධි පූජාවක්


(අංජුල මහික වීරරත්න)

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා කොල්ලූපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී අද(24) පස්වරුවේ බෝධි පූජා පින්කමක් පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නායකයෝද ප්‍රදේශවාසීහුද විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. බෝධි පූජා පින්කමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා ශ්‍රී ලංකාව පුරාම ආගමික ස්ථානවල පින්කම් සංවිධාන කර ඇති බවයි.

මෙහිදී අදහස් දක්වමින් එජාප ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට යන සංඛ්‍යාව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බොහෝ සීමා කොට ඇති බවයි.

බින්දුවට වැටුණු ආර්ථිකයක් සහිත රටක් බාරගෙන ජනතාවට කන්න අඳින්නට දුන් රනිල් වික්‍රමසිංහ මහතාට යුතුකම් ඉටු කිරීම සඳහා දැන් ජනතාවට අවස්ථාවක් ලැබී ඇති බවද සාගල රත්නායක මහතා කීය.