
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටුවේ කිරි ඉතිරවීමේ පූජාවක් පැවැත්විය.
මෙහිදී අබේවර්ධන මහතා අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.ෙඅටමස්ථානාධිපති නාහිමියන් මෙහිදී වජිර අබේවර්ධන මහතා සමඟ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබිණි.



