රනිල්ට වාරණයක්


ජනපතිට සහාය දක්වන බව මෑතක දී පැවසූ ගම්පොල නගරාධිපති (එජාප) ගාමිණී හෙට්ටිආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වා කොළඹ දිසාවිනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කළාය.

තමා පක්ෂය හැර නොගිය බවත්, ජනපතිගේ සංවර්ධන වැඩවලට සහාය දක්වන බව පමණක් කී බවත්, පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති නිසා සාමාජිකත්වය අත්හිටුවීම වලක්වන ලෙසත් නගරාධිපති අධිකරණයෙන් ඉල්ලා ඇත.