රනිල්ට බාධා කිරීම සජිත් හෙලා දකියි


බලපිටි‍යේ ධීවරයන්ගේ මළ ග‍වලට ගිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට  බාධා කිරීම හෙලා දකින බවත් එවැනි සංස්කෘතියක් අපට නුහුරු බවත් විශේෂයෙන්ම මළ ගෙවලට එන අයට එසේ නොකිරීමේ පුරුද්දක් අපට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා බලපිටියේදී අද ප්‍රකාශ කළේය.

මුහුදු ගොස් මියගිය ධීවරයන් 32 ගේ මළ ගෙවලට ඔහු අදත් හෙටත් යයි. එක් පවුලකට රුපයිල් 10,000 ක පරිත්‍යාගයක් ද කරන බව ඔහු කියයි.