විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයනට බලපිටියේදී මැර තර්ජන එල්ල කර ඔවුන්ගේ වාහන පෙළට ප්‍රහාරයක් එල්ල කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේම පිරිසකියි බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් සමරජීව මහතා මාධ්‍ය සාකච්ඡාවකදී කියයි.
මන්ත්‍රීවරයකු සහ ප්‍රාදේශීය දේශපාලනඥයකු මැර පිරිසකට කන්න බොන්න දී සිදුකළ මේ ක්‍රියාවෙන් බලපිටියේ කීර්ති නාමයට විශාල කැළලක් වූ බවත්, ඕනෑම තරහකාරයකුට වුවත් මළගෙදරකදී හිරිහැර නොකිරීම අපේ මුල් බැසගත් චාරිත්‍රයක් බවත් ඔහු පවසයි.