රනිල්ට එරෙහිව මහින්ද පොරපිටියට?


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ (දිනේෂ් ගුණවර්ධන), පිවිතුරු හෙළ උරුමය (උදය ගම්මන්පිල), ජාතික නිදහස් පෙරමුණ (විමල් වීරවංශ) හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (වාසුදේව නානායක්කාර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මැතිවරණයේදී අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට හැකි ‘එකම බලාපොරොත්තුව‘ ඔහු බව එම පක්ෂවල නායකයෝ කියති.

‘‘අපේ සටන මෛත්‍රිපාල සිරිසේන ජනපතිට එරෙහිව නොවේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස එම තනතුරට පත් කළ රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහිවයි‘‘ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද කීවේය.

පසුගිය පුර පසලොස්වක පෝදා තංගල්ලේ කාල්ටන් නිවසේ බණ කියැවූ රාජපක්ෂ මහතා එහිදී හමුවූ කාන්තාවක දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ විට පැවසූයේ තමා යළි දේශපාලනයට නොඒමට සිතා සිටියත් පාක්ෂිකයනට හිරිහැර වෙතොත් දේශපාලනයට එන බවයි.

dinesh-web

 wasu-web Wimal_Weerawansa1-web

gembanpila-web