රනිල්ගේ රියට ප්‍රහාරයක්


ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට යමින් සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රථ පෙළට පරිසක් අද සවස පහර දී ඇතැයි පක්ෂ ආරංචි කියයි.

වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයෝ ඔහු නිරුපද්‍රිතව එතැනින් රැගෙන ගියේය.

සිරිකොත අසළ කර තිබූ සැරසිලි ද උද්ඝෝෂකයන් විසින් කඩා බිඳ දමූ බව පක්ෂ ආරංචි සඳහන් කරයි.