රනිල්ගේ බරට සුදු හඳුන් පුදයි


රනිල් වික්‍රමසිංහ අගමැති බිරිය මෛත්‍රී හා ඇමැති ස්වාමිනාදන් සමග කේරළයේ ශ්‍රී ක්‍රිෂ්ණ ගුරු වායුර් කෝවිලට ගොස් විශේෂ පූජාවකට සහභාගීවියැයි ඉන්දියාවේ හින්දු පුවත්පත කියයි. වික්‍රමසිංහ මහතා එහිදී තුලා බර පූජාවක් කළේය. ඔහුගේ බරට සමාන සුදු හඳුන් කිලෝ 77ක් දේවාලයට බෙදීය.

එම සඳුන්වල මිල ඉන්දියා රුපියල් ලක්ෂ 8.45 කි. වික්‍රමසිංහ මහතා දෙවියනට පළතුරුද පිදීය. වික්‍රමසිංහ මහතා වෙස්ති හා මුණ්ඩු සම්ප්‍රදායික ඇඳුමින් සැරසී දේවාලයට ගමන් කළේය. වෙස්ති යනු දෙවුර වසන සළුවකි. මුණ්ඩු යනු ඉඟවටා අඳින රෙද්දකි.

වික්‍රමසිංහ මහතාගේ වන්දනාගමන වෙනුවෙන් ඉන්දියා පොලිසියේ දහසක් පමණ එහි විශේෂ රාජකාරියේ යොදවනු ලැබ සිටියහ.

තමා ඉන්දියාවේ හිතවතකුවත් චීනයේ හිතවතකුවත් නොවන බව එහිදී වාර්තාකරුවනට පැවසූ වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා රැකබලා ගැනීමට කැපවීම තම වෑයම බව කීවේය.

ranil-pic-p1

ඡායාරූපය - හින්දු පුවත්පත අනුග්‍රහයෙනි