රනිල්ගෙන් සේදවත්තේ පන්සලකට බෝ පවුරක්


කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ අටවිසි බුද්ධ ප්‍රතිමාඝර සහිත බෝධි ප්‍රාකාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය.

අගමැති වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් මෙම බෝධි ප්‍රාකාරය ඉදි කැරිණි.

මීට වසර 150කට පෙර දොන් පිලිප් විජයවර්ධන මහතා සහ හෙලේනා විජයවර්ධන ළමාතැනිය මෙම විහාරස්ථානය සහිත ඉඩම සඟසතු කර පූජා කළහ. ඔවුහු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ද මී මුත්තා හා මී මිත්තණිය වෙති.

මෙම අවස්ථාවට අගමැති බිරිය මෛත්‍රී වික්‍රමසිංහ, සොයුරු ශාන් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

B37A2519 B37A2541 B37A2542 B37A2562 B37A2631 B37A2641 B37A2751 KDM_5502