දකුණු වෙරළ බඩ ප්‍රදේශ රැසකට ඉකුත් දා බලපෑ සැඩ සුළං හා වර්ෂාව හේතුවෙන් මිය ගිය හා අතුරුදන්වු ධීවරයින්ගේ නිවෙස් වලට ගිය විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කළේය.
මොරටුව,බේරුවල සහ බලපිටිය ප්‍රදේශයන්හි ධීවර ගම්මාන වලට ගිය විපක්ෂ නායකවරයා ධීවර ප්‍රජාවගේ ගැටළුද සාකච්ඡා කළේය.
එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජයදාස රාජපක්ෂ , එ ජා ප මොරටු සම සංවිධායක සේනක දමයන්ත හා අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක උපුල් මාලේවෙන යන මහත්වරු මෙම අවස්ථාවට එක් වුහ.