රනිල් සිරකරුවන් බලන්න මාතර යයි


එක්සත් ජාතික පක්ෂයේ  සජිත් ප්‍රේමදාස හිතවාදීන් හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිතවාදීන් අතර මාතර නගර සභාව ඉදිරිපිටදී ඇති වු ගැටුමෙන්  රිමාන්ඩ් භාරයට පත්ව සිටින 34 දෙනකුගේ සුව දුක් බැලීමට රනිල් වික්‍රමසිංහ මහතා අද (12)මාතර හිර ගෙදරට ගියේය

මිනිත්තු විස්සක් තිහක් එහි ගත කළ වික්‍රමසිංහ මහතා සමග මංගල සමරවීර මහතාද පැමිණ සිටියේය‍

පාක්ෂිකයන් කොතරම්  හිර කළත් පක්ෂය ඉදිරියට ගෙන යාම වැළැක්විය නොහැකි බව සිර ගෙදර දොරටුව අසළ සිටි මාධ්‍යවේදීන් හමුවේ වික්‍රමසිංහ මහතා පැවසීය.