රනිල් වැලිකඩ බන්ධනාගාරයට


(යොහාන් භාසුර)

විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනාට රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (22) රාත්‍රී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ඊයේ (22) රාත්‍රී 10.45 ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ බව ද එම නිලධාරියා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවද නැද්ද තීරණය කරන නොමැති බවත් එම තීරණය වෛද්‍ය නිර්දේශ මත තීරණය වන බවත් එම නිලධාරියා කීය.