(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ඉන්දීය සංචාරයේ නිරත වන්නේ ඉකුත් ජනපතිවරණයෙන් පසු සිව්වන වරටයි.
හින්දු පුවත්පතේ පස්වන සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා ලැබ ඇත.
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.
දින දෙකක් පැවැත්වෙන මෙම උත්සවය සඳහා දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍ර වල ප්‍රවීණයෝ සහභාගී වෙති.