රනිල් මුල් වරට ස්වාධීන රූපවාහිනියට එයි


ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ වී අවුරුදු 35කට පමණ පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) ප්‍රථමවරට එම නාලිකාවට සහභාගී විය.

ඒ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙහෙයවන සත්‍යාගාරයේ දස වැනි වැඩසටහනට සහභාගී වීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ වික්‍රමසිංහ මහතාගේ ඥාතියකුගේ මැදිහත්වීමෙන් ස්වාධීන රූපවාහිනිය ඇරැඹි අතර නමුත් මේ වන තෙක් ඔහු ස්වාධීන රූපවාහිනියට පැමිණ නැතැයි සන්නස්ගල මහතා සිය පූර්විකාවේ දී කීවේය.