රනිල් පොදු විපක්ෂය සමග උතුරේ උපවාසයක


යාපනයේ උතුරු වලිකාමම් හි ග්‍රාමසේවා වසම් 24 ක තිස් දහසක්  යළි එම ප්‍රදේශයේ  පදිංචිකරවන ලෙසත් එහි අධි ආරක්ෂ කලාපය ඉවත්  කරන ලෙසත් ඉල්ලා  පොදු විපක්ෂය අද යාපන තෙල්ලිපලේ දුර්ගා අම්මාන් කෝවිල ඉදිරිපිට උපවාසයක් කළේය. වික්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද නව සමසමාජ පක්ෂය, දෙමළ ජාතික සංධානය, බස්නාහිර ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ නියෝජිතයෝ ඊට එක් වුහ.