ලක්ෂ 30 ආසන්න ජනතාවකට සින්නක්රවම දේපළ හා නිවාස අයිතිය දෙන බව යහපාලන සඳහා එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මධ්‍යකාලින ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (05) පැවසිය.
වසර දහයකට වඩා වැඩි කාලයක් බලපත් ලාභි ඉඩම්වල ජිවත් වන ජනතාවට සින්නක්කර අයිතිය දෙන අතරම රජයේ කුලි නිවාසවල වසර දහයකට ජිවත් වැඩිකාලයක් සිටින අයට ද ඒ නිවාස වල අයිතිය සින්නකරව හිමිකර දෙන බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
වසර පහක දී රැකියා දස ලක්ෂයක් බිහි කිරිමේ අරමුණින් ආයෝජන සඳහා වන සියලු බාධක ඉවත් කර බව ද වික්‍රමසිංහ මහතා කීවේය.
රැකියා දස ලක්ෂය බිහිකිරිමේ වැඩපිළිවෙළට දේශිය හා විදේශිය ආයෝජකයන් එකතු කර ගැනිමේ අංග සම්පුර්ණ වැඩපිළිවෙළක් ද ඇතැයි වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විස්තර කර සිටියේය.

