අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 10 දෙනකුගෙන් යුත් දූත පිරිස අද (29) දහවල් 12.30ට නවසීලන්තය බලා පිටත්ව ගියහ.
නවසීලන්ත අගමැති ජෝන් කීගේ ආරාධනයක් අනුව තෙදින නිල සංචාරයක් සඳහා අගමැතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය අතර ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙක් ද්විපාර්ශවික සාකච්ඡා සඳහා නවසීලන්තයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයවේ.