
(අංජුල මහික වීරරත්න)
ලබන 14 වැනිදායින් පසුව නිවාඩුවක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැති තරුණ හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
" ඔබ ලබන 14 වැනිදා තෙක් මැතිවරණ රැලි වලට සහභාගී වෙයි.එතනින් පස්සේ මොකද කරන්නේ" යැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය.
"එතනින් පස්සේ මම බැලුවේ නිවාඩුවක් ගන්න.රට යන්න එහෙම" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
රට යන්නේ යම් තනතුරකට දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ " නෑ නිකං නිවාඩුවක් ගන්න. රවුමක් යන්න,මට කතාවක් දෙකක් කරන්න එන්න කියලා තියෙනවා"යනුවෙනි.
කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී මෙම තරුණ හමුව පැවැත්විණි.

