රනිල් කොළේ වහලා ගහන්න හඳනවා


ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ලෝකාපවාදයෙන් බේරා ගැනීමට යැයි කියමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජය සමග මත්තලදී අත්සන් කිරීමට කැමැති බව කියන ගිවිසුම ජනතාවට කොළෙවහලා ගැසීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා හලාවත ජනපවුර රැස්වීමකදී ප්‍රකාශ කෙළේය.  හිටපු යුද හමුදාපති  සරත් පොන්සේකා  ගැන සඳහන් කළ මන්ත්‍රීවරයා  පැවැසුයේ  ඔහු  තම අභිමතය තමන්ගේ ශක්තියෙන් ගොඩ නඟා ගන්නා පුද්ගලයකු ලෙස සැලකිය හැකි බවයි. එක්සත් ජාතික පක්ෂයට බැදෙන ලෙස ඔහුට කියන්නේවත් ඔහුගේ පක්ෂයට බැඳීමට තමන්ගේ අදහසක්වත් නොමැති බවත් ඔහු සඳහන් කෙළේය.