රනිල් කොස්ලන්දට යයි


හල්දුම්මුල්ල,කොස්ලන්ද,මීරියබැද්දේ ඛේදවාචකයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (31) ඒ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

හල්දුම්මුල්ල කොස්ලන්ද මහා විද්‍යාලයයේ අවතැන් කදවුරේ නේවාසිකයින් සිකුරාදා (31)පෙරවරු 9 ට හමුවන විපක්ෂ නායක අනතුරුව මහ විපත සිදුවු මීරීයබැද්දේ සංචාරය කිරීමට ද නියමිතය.

එජාප නියෝජ්‍ය ජාතික සංවිධායක සහ ඌව පළාතේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු,එක්සත් නායකත්ව මණ්ඩල නායක සභික රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයෝ රැසක් එක් වෙති.