ඔක්තෝබර් 1 – 3 දක්වා රනිල් වික්‍රමසිංහ අගමැති නවසීලන්තයේ සංචාරයක යෙදෙන බව නවසීලන්ත අගමැති ජොන් කී කියයි.
ශ්‍රි ලංකා අගමැතිවරයකු නවසිලන්තයට යන ප්‍රථම අවස්ථාව මෙයයි.
ජොන් කී පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවට පැමිණියේය. යුද්ධයෙන් පසුව නව රජය කරගෙන යන ප්‍රතිසන්ධාන හා සංහිඳියා වැඩ පිළිවෙළට සහය දෙන බව නවසිලන්ත අගමැති කියයි.
අගමැති බිරිය ද ඇමැතිවරුන් සිව් දෙනෙකු ද ව්‍යාපාරිකයෝ පිරිසක් ද ගමනට එක් වීමට නියමිතය.
ශ්‍රි ලංකා පිරිස ඕක්ලන්ඩ් වෙලින්ටන් හා වයිකටෝ නගර වල ව්‍යාපාරික හා මහජන හමුවීම් සිදු කිරිමට නියමිතය.