වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීම ගැනත්, තිදෙනකු මරා දැමීම ගැනත් මුළු රටටම පිළිගත හැකි ස්වාධින පරික්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මිය ගිය අයට හා තුවාල ලැබුවනට වන්දි ගෙවන ලෙසද ඔහු කියා සිටියේය.
බිමට වතුර ඉල්ලා පැවැත්වු උද්ඝෝෂණය යුද්ධයක් බවට පරිවර්තනය කළේ ඇයි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා ඇසුයේ යුද හමුදාව එහි කැඳවුයේ කුමන හේතුවක් මතද යන්නයි.
උද්ඝෝෂණයකදී මුලින්ම පොලිසිය කැඳවීම ජල ප්‍රහාර ,කදුළු ගෑස්, රබර් උණ්ඩ වැනි දේ පාවිච්චි කිරිම සාමාන්‍ය ක්‍රමය වුවද එසේ නොකර හමුදාව කැඳවා වෙඩි තැබුවේ ඇයිදැයි රජය උත්තර දිය යුතු බවද වික්‍රමසිංහ මහතා කීවේය.
මෙම සිද්ධියට තවත් පාර්ශවයක් ඇතැයි හමුදා ප්‍රකාශක කළ ප්‍රකාශය ගැන සඳහන් කළ වික්‍රමසිංහ මහතා ඒ ගැන සම්පුර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලා සිටියේය.
මේ සිද්ධියෙන් මිය ගිය තිදෙනාම උද්ඝෝෂණයට සහභාගී නොවු බව කී වික්‍රමසිංහ මහතා ඔවුන් නිරපරාදේ මරණයට ලක් කැර ඇතැයිද පැවසීය.
රතුපස්වල පානිය ජල ප්‍රශ්නයට විසදුමක් දීම වෙනුවට යුද හමුදාව කැඳවා මහජනයාටද මාධ්‍යවේදීනටද පහර දීම යැයි කි වික්‍රමසිංහ මහතා දැඩි සේ දෝෂ දර්ශනයට ලක් කළේය.