රනිල් කොස්ලන්දට යයි


කොස්ලන්දේ මීරියබැද්දේ  ඛේදවාචකය වු ස්ථානය බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද සමඟ අද (31) උදේ ගියේය.

ඔහු වට කර ගත් බොහෝ දෙනා හඬමින් වැළපෙමින් දුක් අදෝනා නැඟුහ.එය දැඩි සංවේගය හා හැගීම් බර මතු කළ අවස්ථාවක් විය.වික්‍රමසිංහ මහතා සරණගාත කඳවුරුවලටද ගොස් ඔවුනට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීය.

වික්‍රමසිංහ මහතා පැවසුයේ වතු සේවකයින් සඳහා ලයින් කාමර ක්‍රමය වෙනුවට නිවාස ක්‍රමයක් ඇති කිරීමට පළාත් සභාව හා පාර්ලිමේන්තුව මගින් ක්‍රමයක් ඇති කළ යුතු බවයි.

මීරියබැද්දේ නායයෑමෙන් මිය ගිය අය සිහිකර ශෝක දිනයක් ප්‍රකාශයට පත් කැර මුළු රටේම සුදු කොඩි එසවියයුතු යැයි වික්‍රමසිංහ මහතා කීවේය.

ඔහු අද එහි යන විට තෙවැනි දිනටත් හමුදාව සිරුරු සොයමින් සිටියේය.

කඳු මුදුනේ සිට ගලා එන දිය දහර වෙනතකට හැරැවීමට හමුදාව හා සහන සේවකයෝ ක්‍රියා කරති.පොලිස් සුනඛයෝ එහි රැගෙන යනු ලැබුහ.

_DSC0429

_DSC0460 _DSC0440 _DSC0446 _DSC0415 _DSC0173 _DSC0171 _DSC0403 _DSC0375 _DSC0410 _DSC0165 _DSC0164 _DSC0134 _DSC0114 _DSC0107

178 177