රනිල් උදකරාජ සුත්‍රයෙන් දයාසිරිට උත්තර දෙයි


දේශපාලනයේදි ඉවසීම අවශ්‍ය නමුත් හිටපු මන්ත්‍රි දයාසිරි ජයසේකර ළග ඒ ගුණය මෙන්ම  උපකාර කරන්නාට කළගුණ සැළැකීමේ ගුණයද නොවී යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අංගුත්තර නිකායේ  උදකරාජ සුත්‍රය ගෙනහැර දක්වමින්  වික්‍රමසිංහ මහතා කීවේ ලොව විල් හතර වර්ගයක් ඇති බවයි.

ගැඹුරු ලෙස පෙනෙන නොගැඹුරු විල්,නොගැඹුරු ලෙස පෙනෙන ගැඹුරු විල්,ගැඹුරු ලෙස පෙනෙන ගැඹුරු විල්,නොගැඹුරු ලෙස පෙනෙන නොගැඹුරු විල්. පුද්ගලයින් සම්බන්ධයෙන්ද එම ධර්මතාව ගැළපෙන බව වික්‍රමසිංහ මහතා කීවේය.

බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට වදාළ ධර්මයක්ද වික්‍රමසිංහ මහතා ගෙන හැර දැක්වීය. උපකාර කරන්නාද උපකාර ලබන්නාද කෘතවේදී විය යුතු බව ඉන් කියවෙන බවත් එය දයාසිරි ජයසේකර මහතාට සිහිපත් කර දෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.