වම් අත කපා ඉවත් කරනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ සිසුවිය අචලා ප්‍රියදර්ශනීගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ ජාතික රෝහලට ගියේය.
ඇයට බද්ධ කිරීමට සඳහා අවශ්‍ය කෘත්‍රීම අතට වැය වන මුදල සොයා ගැනීමට තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායකවරයා කීවේය.
ජාතික යොවුන් පෙරමුනේ සභාපති රුවන් විජයවර්ධන, එජාප ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර ලේකම් සාගල රත්නායක මහත්වරු ඇතුළු පරිසක් එම අවස්ථාවට එක්වූහ.