රන්වලගේ සිද්ධියට සපුගස්කන්ද OIC ඇතුළු පිරිසක් ගැන විමර්ශන


(ගයාන් සූරියආරච්චි)

කැලණිය, සපුගස්කන්ද, දෙණිමුල්ල ප්‍රදේශයේදී හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප්රථය මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් පසුව ඒ මහතා බීමතින් සිටියේද යන්න සොයාබැලීම සදහා ඇල්කොලයිසර් පරීක්ෂණ සිදු නොකිරීමෙන් පොලිසිය රාජකාරිය පැහැර හැරියේ දැයි සොයයි.

මේ  සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා, රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැයරයන්වරයකු ඇතුළු නිලධාරීන් 6 දෙනකු සම්බන්ධයෙන් විශේෂ  විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත.