බොහෝ දෙනෙකු පුදුමයට පත් කරමින් "ටයිම්ස් ඉන්දියා" දිනපතා පුවත්පත මීට දින කිහිපයකට රන්බීර්ගේ වර්තමාන පෙම්වතිය ශ්‍රැති හසන් බව සඳහන් කර තිබෙනවා. දීර්ඝ විග්‍රා කිරීමක් මත මෙසේ රන්බීර්ගේ වර්තමාන පෙම්වතිය ශ්‍රැති බවට ඔප්පු කරමින් කරුණු දක්වා මෙම පුවත්පත පෙන්වාදී ඇත්තේ රන්බීර් හා ශ්‍රැති දෙදෙනාගේ ආදර සම්බන්ධය අද ඊයේක සිදුවුවක් නොවන බවයි.
ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වී ඇත්තේ මීට වසරකටත් පෙරදී බව පවසන මෙම පුවත්පත ඒ ජනප්‍රිය වෙළෙඳ දැන්වීමක් රූපගත කිරීම් අතරතුරදී බව සඳහන් කරනවා. මෙම සම්බන්ධය සැලවීමත් සමග රන්බීර්ගෙන් කත්‍රිනා වෙන්වු බවත් ඇය එය ප්‍රසිද්ධියේ පවසන්නට මැළි වූ බවත් මෙම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත. එමෙන්ම ඔවුන් දෙදෙනා තවමත් අප්‍රසිද්ධියේ ප්‍රේම කිරීමත් ගැටලුවක් බවත් මෙහි වැඩිදුරටත් සඳහන්.