‘කෝයි මෝයි’ වෙබ් අඩවිය සමග එක්වූ රන්බීර් සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවයි.
එසේ වුවහොත් රන්බීර් දායක වූ චිත්‍රපටයක් ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඔහු 2013 වසරේ තිරගත වූ ‘බර්ෆි’ හා 2015 වසරේ තිරගත වූ ‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපට ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගෙන තිබුණා.
‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය රන්බිර් මේ වසරේ සිය රසික පිරිස් මුණගැසෙන පළමු හා එකම චිත්‍රපටය වනවා. ඔහුගේ මිළඟ සිනමා රංගනය ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට හැකිවන්නේ ලබන වසරේ ජනවාරි මාසයේදියි. ඒ ‘ජග්ගා ජාසස්’ චිත්‍රපටයෙන්.