(දිනේෂ් උපේන්ද්‍ර)
දිවා කාලයන්හි නිවෙස් වල දොරගුලු කඩා ඇතුලුවී රන් භාණ්ඩ හා ලැප්ටොප් පරිඝනක හා ජංගම දුරකතන සොරාගන්නා හිටපු රාජ්‍ය සේවකයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මිලෙන් අධික ලැප්ටොප් පරිඝනක 4ක් ජංගම දුරකතන 4 ක් හා සොරාගෙන විකුණා තිබියදී උණුකර ගුලි වශයෙන් තිබූ රත්‍රන් තොගයක් සමගින් එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය එලතලව ප්‍රදේශයේ අයෙකි.
මාකඳුර රෝහල් සේවකයෙකුව සේවය කරමින් සිටියදී සැකකරු මීට ඉහතදීද සොරකම් සම්බන්ධව නීතියෙන් දඬුවම් ලබා සේවය පවා අහිමිවූවෙකි.
එමෙන්ම කුලියාපිටිය ඇතුලු අධිකරණ කිහිපයකම සැකකරු සම්බන්ධව විභාගවෙමින් පවතින නඩුකටයුතු පවතින බවද පොලිසිය පැවසීය.
කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය හා වීරඹූගෙදර ආදී පොලිස්ථාන වල ඇති පැමිණිලි හා සැකකරු විසින් දිගින් දිගටම ලැප්ටොප් පරිඝනක ආදිය අළෙවිකරන බවට ලද තොරතුරක් පාදක කරගනිමින් පොලිස් ඇස සැකකරු වෙත යොමු කරගන සිටියදී කුලියාපිටිය ඇපලදෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු භාණ්ඩ සමගින් සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී තමන් විසින් සොරාගත් භාණ්ඩ පිළිබඳව අනාවරණය කර තිබිණ සැකකරු හා අදාළ භාණ්ඩ තොගය කුලියාපිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

