( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
උකස් කළ රන් බඩු බේරා ගැනීමට කියා ගෙන්වා ගත් පුද්ගලයකු අත තිබූ රුපියල් එකොලොස් ලක්ෂයකට අධික මුදලින් අඩක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද( 18) අත් අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලීසිය කියයි.
උගස් කොට සින්න වීමට යන රන්බඩු බේරාගන්නා බව කියන පුද්ගලයකුට දුරකථන ඇමතුමක් දී කොටදෙනියාව කැලෑගෙදර ප්‍රදේශයට ගෙන්වාගෙන ඇතැයි ද එසේ පැමිණි අවස්ථාවේ සැකකරුවන් පිහියක් පෙන්වා එම පුද්ගලයාට තිබූ මුදල් පැහැර ගෙන ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් පසු පරීක්ෂණ පැවැත්වූ කොටදෙණියාව පොලිසිය සිද්ධියට සම්බන්ධව කියන සැකකරුවන් දෙදෙනා පැහැර ගත් මුදලින් අඩක් සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මකව බොරු තොරතුරු ලබා දී ව්‍යාපාරිකයා ගෙන්වාගෙන ඔහු අත තිබූ මුදල් පැහැර ගෙන ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට පැමිණීමට නියමිතව තිබිණි

