රන්නේ මාර ගසුත් ඡන්දෙට මාර වැඩ


මාර්තු 29 වැනිදා පැවැත්වෙන දකුණු පළාත් ඡන්දයේ වැඩට තංගල්ල හම්බන්තොට පාරේ රන්නේ මග දෙපස මාර ගස් ද  බැස සිටී.

මනාප අංක 15 ට ඡන්දය දෙන ලෙස සමහර මාර ගස් කියයි.

තවත් සමහර ගස් කියනුයේ 15 ට ඡන්දය නොදෙන ලෙසයි.

ගස්වල ඡන්ද සලකුණු ලකුණ කිරීම ද මැතිවරණ නීතිය කඩ කිරීමකි.

සායම් වලින් ගස්වල මෙවැනි දෑ ලිවීමෙන් එහි  ඇති රසායන ද්‍රව්‍ය  එම ගස්වලට කා වැදී ඒවායේ ආයු කෙටි වන බව පරිසර විද්‍යාඥයෝ කියති.