ජාතික ශිෂ්‍යභට බළකායේ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පිරිත් දේශනයක් හා භික්ෂූන්වහන්සේලා 25 නමකට හීල් දානය පිරිනැමීමේ පිංකමක් පැවැත්විණි.
නිලධාරීන් 3000 ක පමණ ප‍්‍රමාණයක් මෙම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා ඇති අතර ත‍්‍රිවිධ හමුදාවට හා පොලිසියට එක් වූ පිරිසෙන් 90්% ක්ම මෙහි ශිෂ්‍යභට පුහුණුව ලබා ඇත.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නියෝජනය කරමින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා පැමිණියේය.
රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා 30 වසරක යුද්ධය වෙනුවෙන් දිවි පිදූ හා නිලධාරීන් වෙනුවෙන් ස්ථාපිත කළ ‘නොහඳුනන ශිෂ්‍යභටයාගේ ස්මාරකය‘ ආරක්‍ෂක රාජ්‍ය ලේකම්වරයා අතින් විවෘත විය.
පුහුණු මධ්‍යස්ථානයේ අඛණ්ඩව සේවය කළ පිරිස් ත්‍යාග හා සමරු පදක්කම් ලදහ.
ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් චන්දන රාජගුරු, රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එම්.එම්.යූ. මුණසිංහ මහත්වරුද එහි වූහ.





