නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකගෙන් රුපියල් කෝටි පනහක වන්දි ඉල්ලා දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී.වී.උපුල් ගොනු කළ පෙත්සම ගැන ජනවාරි 20 වැනි දා විරෝධතා ගොනු කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු සනත් ජේ මොරවක මහතා නියෝග කළේය.
උපුල් මහතා රාජ්‍ය බැංකුවලින් ගත් බව කියන ණය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක පසුගිය පෙබරවාරි 20 වැනි දා කොළඹ මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නඩු පවරා ඇත.