( ආරියරත්න රණබාහු)
මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල ප්‍රචාරය වන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට වහාම වාරණය කිරීමට කටයුතු කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව බොදුබල සංවිධානය කියයි.
රට ගොඩනැගීම වෙනුවට වෙන වෙන මතවාද වලට රට ගමන් කරමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයිද එම සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.
අද පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

