රන්ජන්ගේ බැන වැදීමට ගම්පහදී විරෝධතා


නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරියට දුරකථනයෙන් බැන වැදුණු බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සේවක සේවිකාවෝ සේවයෙන් බැහැර වී ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (30) විරෝධතාවක නිරත වුහ.

මෙම විරෝධතාවයට ගම්පහ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 20170130_10295520170130_093117 20170130_103225 20170130_103238