රන්ජන්ගේ චෝදනාවලට පදනමක් නෑ-චීනය


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වයට චීනය සම්බන්ධ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කරන ලද චෝදනාවලට කිසිදු පදනමක් නැතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය මෙසේ ද සඳහන් කර ඇත.

“පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා චීනය සම්බන්ධයෙන් කර ඇති චෝදනාවලට කිසිදු පදනමක් නැහැ. ඒවා වගකීම් විරහිතයි. මිත්‍රශීලි අසල්වැසියකු ලෙස චීනය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් පසුවෙනවා. වත්මන් තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වයක්. චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. ශ්‍රී ලංකා රජයට, එරට පක්ෂ සහ ජනතාවට වත්මන් අර්බුදකාරී තත්ත්වය විසඳා ගත හැකි යැයි අපි විශ්වාස කරනවා”.