ඒකල ඔතේ කැලේ භූමියකට කැලි කසළ බැහැර කිරීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ගය නතර කරන්නැයි ඉල්ලමින් ඒකල පරිසර සුරැකීමේ සංවිධානය අද (09) ඒකළ මඩම හන්දියේ දී “අනතුර අත ළඟ - කොළඹ කුණු ඒකලට”මැයෙන් විරෝධතාවක් කළේය.
“අපිට අයිතියක් තියෙනවාද අපේ ගෙදර එකතුවෙන කුණු කාගෙවත් ගෙවත්තකට දාන්න? කොළඹ එකතු වෙන කුණු ඒකලට ගෙනෙන ක්‍රියාවලිය තුළ තියෙන්නේත් ඒ බරපතල සදාචාර විරෝධී ක්‍රියාවමයි.“යැයි ඒ විරෝධතාවය ඇමතු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
“මේකට ඉඩ දුන්නොත් අන්තිමට අපිට සිද්ද වෙන්නේ හැම තිස්සෙම ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන ජීවත් වෙන්න. මගේ ජීවිතේට මරණ තර්ජන එමටයි. මේ සටන අතහරින්නේ නැහැ.”යැයි ඒ මහතා කීවේය.



