ශ්‍රී ලංකාවට ආවේණික රන්හෝතඹුවකු සමනළ රක්ෂිතයෙන් අල්ලා ළඟ තබාගත් එස්.ඒ.සෝමසිරිට රත්නපුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 25,000ක දඩයක් නියම කළේය. පැරාඩොක්සරස් සිලොනෙන්සිස් ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ සත්ත්වයාගේ සිරුරේ පැහැය මළ බැඳුණු රන්වන් පැහැයට හුරු බැවන් රන් හෝතඹුවා ලෙස හඳුන්වයි.


