රුපියල් තිස්හය ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් හයක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ගුණසිංහපුර ජංගම දුරකතන ව්‍යාපාරිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
ග්‍රෑම් හයසියයක රන් සඟවාගෙන ගමන් කළ ආකාරය ගැන ඇතිවූ සැකය මත ඔහු රේගුවට අසුවිය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස්පිට රේගු අධිකාරී ඒ ආර් සේනාධීර, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, සාගර චන්ද්‍රකුමාර, ඒ එම් එස් නේ අබේවර්ධන, එම් කේ ප්‍රේමදාස , ජී කේ එන් පෙරේරා, ජී ජේ සේනාරත්න, ඩී එම් ජේ සී විමලදාස සහ එච් ඩී එම් පී පෙරේරා මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කිත්සිරි ප්‍රනාන්දු මහතා රේගු පරීක්ෂණය සිදු කර රුපියල් ලක්ෂයක දඩයක් නියමකොට රන්බිස්කට් රාජසන්තක කළේය.