රන් හෙර උසින් දැනේ


මත්තෙගොඩ මනාලියකට ඇන්ඳවීම සඳහා ආ රූපලාවන්‍ය ශිල්පිනියක එම නිවසින් සොරාගත් බව කියන රුපියල් ලක්ෂ හතර හමාරක රන් බඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම නිවසේ නාන කාමරයේ කවුළුවක් උඩ තබා තිබූ හිස් පෙට්ටියකින් හොරා අල්ලාගැනීමට පොලිසිය සමත් විය. රූපලාවන්‍ය ශිල්පින් තිදෙනකුගෙන් එම කවුළුවට උස ඇතිව සිටි ශිල්පිනියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇගේ නිවසේ කුස්සියෙන් රන් බඩු සොයාගෙන ඇත.