රන් සැකකරුවන්ට ඇප


ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්තරන් කිලෝ සියයක් විකිණීම උත්සාහ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව් දෙදෙනකු ඇතුළු 11 දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

රුපියල් දස දහසක ශරීර ඇප හා රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප ඔවුනට නියම විය.

ඔවුන්ගේ නීතීඥවරුන් වන ජයන්ත ඩයස් නානායක්කාර හා කිංසි හෙට්ටිආරච්චි මහත්වරුන් පැවසුවේ මුදල් හෝ රන් හුවමාරුවක් හෝ ගණුදෙනුවක් සිදුවී නැති බවයි.

යුද හමුදා බුද්ධි අංශ නලධරයකු කෝටිපතියකු ලෙස කොළඹ හෝටලයකදී මෙම පිරිස හමුවූ බව පැමිණිල්ලෙන් කියැවිණි.

චිත්‍රා මාසකෝරාල, බුද්ධිකා මනිමේන්ද්‍ර, ජයදේව පීරිස්, චන්ද්‍රකුමාර සංජීව නදීර්, ආනන්ද රණසිංහ, කිත්සිරි ජයවික්‍රම, කෝසල රාජපක්ෂ, පාලිත ද සිල්වා, තරංග  ඩයස් හා රෝයි ගුණවර්ධන ඇප ලැබුවෝ වෙති.

තවත් සැකකරුවකු පොලීසිය සොයයි.

වැඩිදු විභාගය මැයි 20ට කල් තැබිණි.