රන් මිල ඉහළට


 

(යොහාන් භාසුර)

ඩොලරයේ අගය පසුගිය දින දෙකේදී ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තරමක් ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.  

රුපියල් 147,000 ක්ව පැවැති කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 150,000 ඉක්මවූ බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබූ කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 173,000 ක දක්වා ඉහළ ගොස් ඇති බව ද රත්තරන් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් පැවසූහ.