රන් මාලය කඩාගත් කොල්ලකරුවන්ට වෙඩි


(ජුඩ් සමන්ත)

ආයුර්වේද වෛද්‍යවරියක පැළද සිටි රන් මාලයක් කඩාගෙන පලා ගිය බව කියන යතුරු පැදිකරුවන් දෙදෙනකුට හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත.

එක් කොල්ලකරුවෙකුට වෙඩි වැදී ඇති නමුත් ඔවුන් යතුරු පැදිය නොනවත්වා පලා ගොස් ඇත.එම යතුරු පැදිය කීරියන්කල්ලිය ප්‍රදේශයේදී තරුණියකගේ ඇගේ ගැටී ඇති අතර කොල්ලකරුවන් දෙදෙනා මුන්දලම කලපුවට පැනීමට උත්සාහ කර ඇත.නමුත් එහිදී පොලිසිය කොල්ලකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් හා අනතුරින් තුවාල ලැබූ කොල්ලකරුවන් දෙනො හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.