රන් මාල කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට


මිනුවන්ගොඩ මැඩෑමුල්ලේදී ටියුෂන් පන්තියක පෝස්ටර් අලවමින් සිටි තරුණයකුගේ රන් මාලයක් කොල්ල කෑ පිරිසක් හා පොලීසිය අතර වෙඩි හුවමාරුවකින්  කොල්ලකුරුවකු මිය ගිය බව මිනුවන්ගොඩ පොලීසිය කියයි.

පෝස්ටර් අළවමින් සිටි තරුණයන් දෙදෙනකු ළඟට පැමිණි සිව්දෙනකු ගල්කටස් අවියක් හා ටී පනස් හය අවියක් පෙන්වා රන් මාලය කොල්ල කා ඇති බවත්, ඔවුන් අතර පොර බැදීමක් සිදුව ඇති බවත්, ඒ ගැන පෙලීසිය ලද තොරතුරක් අනුව එහි යන විට කොල්ලකරුවන් වෙඩි තැබූ බවත් පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් බේරීම සඳහා පොලීසිය එල්ලකල වෙඩි පහරින් සැකකරු මිය ගිය බව කියති.