(ටී.කේ.ජී.කපිල )
රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (30) කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබු ලැබීය.
මෙම රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් (1,30,00,000) කි.
මොහු නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහුගේ මුදල් පසුම්බියේ සහ ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ මෙම කිලෝ ග්‍රෑම් 2 ක් බර රන් බිස්කට් 20 සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.