රන් බඩු කොල්ලය වරදී:පැන ගිය සෙබළා කොටුවේ


හෝමාගම කටුවන පාරේ ස්වර්ණාභරණ හලකින් රන් බඩු පෙට්ටියක්  පැහැරගෙන පැන යමින් සිටි පුද්ගලයකු පොලීසියට අල්ලා දීමට නගර වැසියෝ උදව් වුහ.

ඔහුගේ යතුපැදි සගයා එහි සිටි පිරිස දැක පලා යෑම නිසා මේ තත්ත්වය උදා විය.පොලීසියට හසු වු පුද්ගලයා හමුදාවෙන් පලා ආ අයකු බව පොලීසිය කියයි.