රන් පැහැති ගිනි අවියට දුමින්ද අත්අඩංගුවට


(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගත් ටී56 ගිනිඅවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ගිනි අවිය ඔහුට අයත් එකක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.

රන් ආලේපිත ටි 56 එම ගිනි අවිය කොටස් එකලස් කර තනන ලද එකක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ගිනි අවිය අපරාධයන් සඳහා යොදාගත් එකක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙතද යොමු කිරීමට නියමිතය.

කොළඹදී විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ මහතා අත්අඩංගුවට ගත් බව කී පොලිසිය කණ්ඩායම් හතරක් සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව ද පොලිසිය කීය.