රන් පා රාජසන්තකයි


රන් කැබැලි හතරක් සෙරෙප්පු කුට්ටමේ අලවාගෙන ඉන්දියාවේ මුම්බායි බලා යාමට පැමිණි  ශ්‍රීලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු  මහනුවර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලිවල බර ග‍්‍රෑම්  හාරසීයකි. 

ගුවන්තොටුපෙළ ආරක්ෂක  අංශ විසින් ලබා දුන් තොරතුරක් අනුව  සැකකරු ගුවන්යානයට ගොඩවීමට ඔන්න මෙන්න තිබියදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මේ  පිළිබඳ රේගු පරික්ෂනය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සැකකරුට රුපියල් පනස්දහසක දඩයක් නියම කොට එම රන්කැබලි හතර රාජසන්තක කළේය.
‍මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන්  සිදුකළහ.