තමන් කැනඩාවේ සිට පැමිණි බව කියා තරුණියක (28) විවාහ කර ගන්නා බව කියමින් ඇගේ රන් පවුම් 15ක් වංචා කළැයි කියන පෙම්වතකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි යාපනය පොලිසිය කියයි.
නිදානයක් ගැනීමට රන් පවුම් 15ක් අවශ්‍ය බව පවසා තරුණියගෙන් රන් භාණ්ඩ කොල්ලකා ඇති බවට එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත.

